මම හිතන විදිහට ලංකාවේ ජනතාව බහුතරයක් රැල්ලට ඡන්දය දෙන අය. අනිත් එක තමයි අපේක්ෂකයාගේ හෝ පක්ෂයේ ප්‍රතිපත්ති සහ සැලසුම් වලට වටා තියෙන ප්‍රොපගැන්ඩා එක අනුව නැත්නම් වැඩියෙන්ම ලොකු කම් පෙන්වන්න පුළුවන් කෙනෙකුට ඡන්දය දීම බහුලයි. එක බ්ලොග් එකක කමෙන්ට් එකක තිබුනා වගේ අපේ රටේ බහුතරය කැමතියි කාට හරි යටත් වෙලා ඉන්න, පස්වාන් දහසකය බුදුවෙන්ට ගැත්තාට සමාවෙන්න කියන මානසිකත්වයේ ඉන්න ප්‍රමාණය වැඩියි. කව්රු හරි ලොක්කෙක් ලඟ ඉන්නවා කියලා පෙන්වන්න කැමතියි. මේ නිසා රටේ අනාගතය ගැන හිතලවත්, නිවැරදි දැක්ම නිසාවත් ඡන්දය පාවිච්චි කිරීම අඩුයි.
මහින්ද මහත්තයට මේ හැමදේම තියෙනවා. බොරු මවාපෑමක් වුනත් ඇත්ත වගේ කරන්න පුළුවන්. බලන්න පහල
- ඕනෑම වෙලාවක ආගම ඔළුව උඩ තියාගෙන් ඉන්නවා වගේ පන්සල්, පල්ලි, කෝවිල් ගානේ ගිහිල්ලා මිනිස්සුන්ගේ ඡන්ද ගන්න පුළුවන්.
- මහජන සල්ලි නාස්ති කරලා අරලිය ගහ මන්දිරේ බණ පිරිත් කියවන්න, ලොකුම දන්සල් දෙන්න, රජයේ සේවකයන්ට කන්න බොන්න දෙන්න පුළුවන්.
- කලා පොරවල්ට, මිඩියා පොරවල්ට පාටි දාන්න පුළුවන්, පාටි දාලා ඒ අය බදාගෙන බඩට ගහන්න, ඉඹගෙන ඉඹගෙන යන්න පුළුවන්.
- ගමකට ගියාම හතර වටේම ඉන්න පාක්සකයෝ එකතු කරලා හරියට තමන් බලන්නම ආපු අය වගේ පෙන්නලා, පොඩි වුන් වඩාගන්න, ආච්චිලා ඉඹින්න, ගෑනුන්ට වදින්න පුළුවන්.
- අඩි දහයක පාරක් හැදුවත් ටීවී එකේ පෙන්නලා, කෝටි ගානක උත්සවයක් තියලා මහජන අයිතියට පත් කරන්න පුළුවන්
- ඕනෙනම් ආරක්ෂක ලේකම් දාලා තගක් දාලා, මම තමා පොර කියලා පෙන්වන්න පුළුවන්, පෙන්වන්න විතරක් නෙවෙයි, කරන්නනත් පුළුවන්
- බැසිල් දාලා අඩුගානේ චීනයට හෝ අප්‍රිකානු රටකට ගිහිල්ලා අම්බානක ආධාර නැත්නම් ආයෝජන ගෙනාවා වගේ පෙන්වන්න පුළුවන්. (මේ අප්‍රිකානු රටවල් අපේ ආයෝජනය කරනවා තියා තමන්ගේ රටේ සිල්ලර කඩයක්වත් ඇර ගන්න බැරි ආර්ථික තියෙන අය කියලා අපේ අප්පුහාමිලා දන්නේ නැහැනේ)
- සින්දු ගහලා, ඉස්කෝල ලමයි, ආචාර්්‍ය මහාචාර්ය වරු, රජයේ සේවකයෝ, නැත්නම් ආබාධිත රණ විරුවෝ පුටුවෙන් නැගිට්ටවලා වන්දනා ගෙන මම තමයි මහ රජා කියලා ටීවී එකේ පෙන්වන්න පුළුවන්.
- ලංකාවේ රාජ්‍ය සේවයේ සැබෑ කැපැසිටි එක ලක්ෂ හය හමාරක් විතර වුනාට ලක්ෂ 12 වෙනකම් රස්සා දීලා ඉස්සරහට තවත් දෙනවා කියන්නත් පුළුවන්.
- රටේ සැබෑ ආදායම් උපද්දවන කණ්ඩායම් වන කුඩා කර්මාන්ත, පෞද්ගලික වයාපාර, ගෘහ සේවිකා ඇතුළු විදේශ රැකියා වැනි දේ අමතක කරලා, ජීවිතේට සතයක ලාබයක් නොලබන රජයේ ආයතන වල පඩි වැඩි කරන්න පුළුවන්
මම දන්න විදිහට විපක්ෂයේ කිසිම තනි පක්ෂයක මේ හැකියාව නැහැ. මේ සියලු හැකියාවන් එකතු කරන්න නම් විපක්ෂයේ සියලු පක්ෂ එකතු වෙන්න ඕනේ. එතකොට විතරයි මේ ඡන්දේ දිනන්න පුළුවන්. මේ හැමෝගෙම සපෝර්ට් එක තියෙනවානම් පොදු අපේක්ෂකයා වෙන්න සුදුසුම රනිල් තමා. ඒ ඇයි කියලා තවත් ලිපියක කියන්නම්.


0 comments:
Post a Comment