මගේ දේශපාලනය



මට පක්ෂයක් නැහැ. පුද්ගල වන්දනාවක් නැහැ. මගේ දේශපාලන කියවීම වෙනස් එකක්.

ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත්, එක්සත් ජාතික පක්ෂයවත්, වෙනත් පක්ෂයක්වත් නෙවෙයි. ඒක මහින්ද රාජපක්ෂවත්, රනිල් වික්‍රමසිංහ වත්, මෛත්‍රිපාල සිරිසේනවත් නෙවෙයි.

රජ අණ පැවති කාලයේ, වැඩවසම් යුගයට අනුව රජතුමා සියල්ලටම ඉහලින්. රජුට උඹව මරන්නට උවමනා නම් හේතු අවශ්‍ය නැහැ. උඹේ බිරිද, දරුවා අඹු ගමට ගන්නට අවශ්‍ය නම් උඹව එල්ලා දමා රජා සිය කාරිය ගනී. උඹ අඩු කුලයක නම් ජීවිතාන්තය දක්වාත් ඉන් පසුව උඹේ දරුවනුත් එකම රැකියාව කර රජුට සේවා සැපයිය යුතුයි. වෙනත් රැකියාවක් කිරීමට හෝ ජීවන තත්වයෙන් උසස් වීමට නොහැකියි. සිහි බුද්ධිය ඇති කිසිම කෙනෙක් වැඩවසම් යුගයකට කැමති වන්නේ නැහැ. නැවතත් වැඩ වසම යුගයකට යන්නට ආවඩන්නේත් නැහැ.

මම මානව හිතවාදියෙක්. මට අනුව ලෝකයේ ජීවත් වෙන හැම මනුෂ්‍යෙයක්ම අයිති මනුෂ්‍ය ජාතියට. මනුෂ්‍ය ජාතියට එරෙහිව දූෂණ්‍ය, භීෂණ්‍ය සහ අයුක්තිය වපුරන ඕනෑම කෙනෙක් මගේ හතුරෙක්. මිනිසුන් පාගා දමා ඔවුන්ගේ සාරය උරා බී තමන්ගේ පැවැත්ම තර කර ගන්නා ඕනැම කෙනෙක් මගේ හතුරෙක්. මම එරෙහි වන්නේ එවැනි අයෙකුට මිසක් මහින්දටවත්, මෛත්‍රිටවත්, රනිල්ටවත් නෙවෙයි.

සිහිබුද්ධියෙන් කියවා බලාන්න, සිතන්න තීරණය ඔබට බාරයි!

මහින්දගේ අධිතක්සේරුව

 
 
මහින්ද ජනාධිපතිතුමා කාලයක් තිස්සේ පක්ෂයේ ප්‍රභලයන් සහ පක්ෂය වෙනුවෙන් අවුරුදු ගණනාවක් දුක් විඳි නායකයන් අමතක කර තමන්ට වඩාත් හිතවත් යයි සැලකපු සල්ලි වැඩියෙන් තියෙන එහෙමත්  නැත්නම් එතුමාට අභියෝගයක් නොවේ යයි විශ්වාස කරපු අයව ලං කර ගත්තා. පිටට නොපෙන්නුවත් පහුගිය අවුරුදු දෙක තුනක සිටම මේ පීඩනය පක්ෂ අභ්‍යන්තරයේ තිබුණා.
 
මොන ප්‍රශ්න තිබුණත් මෛත්‍රිපාල, බර්ටි, රත්නසිරි, ජනක බන්ඩාර වගේ අය කියන්නේ මැතිවරණයකදී යෝධයෝ. මහින්ද ජනාධිපතිතුමාට වුනේ බලය නිසා අනෙකුත් දේවල් අමතන වීම. තමන්ට බැසිල් හරහා ලැබී ඇති අසීමිත සිවිල් බලයත් ගොඨාභය නිසා ලැබී ඇති අසීමිත මිලිටරි බලයත් නිසා එතුමා කල්පනා කලා පක්ෂයේ ප්‍රභලයෝ නෙවෙයි කවුරු විනත් තමන් කියන විදිහට දෙන දෙයක් අරගෙන පැත්තකට වෙලා ඉන්න පුරුදුවෙයි කියලා. ලොභ නැතුව වියදම් කරා ඇමති මණ්ඩලයට. මොකටද කිසිවක් නොකර කට වහලා තියන්න. සියයට අසූවක් විතර අමාත්‍යාංශ වල වැඩ සිද්ධ වුනේ ඇමතිවරයාට පිටින්. මහින්ද හිතුවා තමන්ගේ බලය නිසාත්, ඇති වෙන්න දෙන නිසාත් මේ අය හැමදාම කට වහගෙන ඉඳී කියලා.
 
මේ අයත් අවුරුදු ගණනාවක් සද්ද නැතුව හිටියා අවස්ථාවක් එනකම්. මහින්ද හිතුවේ මේක නිවට කම කියලා. ඒත් නිසි අවස්ථාව ඇවිල්ලා පක්ෂයේ ප්‍රභල කොටසක් යන්න ගියාම තේරුම් යන්න ඇති. ඒත් මම හිතන්නේ දැන් ඩැමේජ් එක වහන්න පරක්කු වැඩියි. මෛත්‍රිපාල අරගත්තු නිර්භය තීරණයත් එක්ක කලකීරිමෙන් සිටි තවත් බොහෝ දෙනෙකුට හිතන්න යමක් ඉතුරු කලා.
 
තවමත් මහින්ද බොහෝ ඉදිරියෙන් සිටියත් මාසයක් කාලයක් හොඳටම ඇති ලංකාවේ දේශපාලන ඔළු වෙනස් කරන්න. ඒ නිසා මහින්දගේ අධිතක්සේරුවේ තරම දැනගන්න පුළුවන් වෙන්නේ ජනවාරි අට වෙනිදායින් පස්සේ තමයි.

Sample

Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text
Sample Text

පොදු අපේක්ෂකයා කව්ද?

මේ ප්‍රශ්ණයට පිලිතුරු හොයන්න කලින් බලන්න වෙනවා ඇයි පොදු අපේක්ෂකයෙක් ඕනේ වෙන්නේ කියන එක.

මම හිතන විදිහට ලංකාවේ ජනතාව බහුතරයක් රැල්ලට ඡන්දය දෙන අය. අනිත් එක තමයි අපේක්ෂකයාගේ හෝ පක්ෂයේ ප්‍රතිපත්ති සහ සැලසුම් වලට වටා තියෙන ප්‍රොපගැන්ඩා එක අනුව නැත්නම් වැඩියෙන්ම ලොකු කම් පෙන්වන්න පුළුවන් කෙනෙකුට ඡන්දය දීම බහුලයි. එක බ්ලොග් එකක කමෙන්ට් එකක තිබුනා වගේ අපේ රටේ බහුතරය කැමතියි කාට හරි යටත් වෙලා ඉන්න, පස්වාන් දහසකය බුදුවෙන්ට ගැත්තාට සමාවෙන්න කියන මානසිකත්වයේ ඉන්න ප්‍රමාණය වැඩියි. කව්රු හරි ලොක්කෙක් ලඟ ඉන්නවා කියලා පෙන්වන්න කැමතියි. මේ නිසා රටේ අනාගතය ගැන හිතලවත්, නිවැරදි දැක්ම නිසාවත් ඡන්දය පාවිච්චි කිරීම අඩුයි.

මහින්ද මහත්තයට මේ හැමදේම තියෙනවා. බොරු මවාපෑමක් වුනත් ඇත්ත වගේ කරන්න පුළුවන්. බලන්න පහල

  • ඕනෑම වෙලාවක ආගම ඔළුව උඩ තියාගෙන් ඉන්නවා වගේ පන්සල්, පල්ලි, කෝවිල් ගානේ ගිහිල්ලා මිනිස්සුන්ගේ ඡන්ද ගන්න පුළුවන්.
  • මහජන සල්ලි නාස්ති කරලා අරලිය ගහ මන්දිරේ බණ පිරිත් කියවන්න, ලොකුම දන්සල් දෙන්න, රජයේ සේවකයන්ට කන්න බොන්න දෙන්න පුළුවන්.
  • කලා පොරවල්ට, මිඩියා පොරවල්ට පාටි දාන්න පුළුවන්, පාටි දාලා ඒ අය බදාගෙන බඩට ගහන්න, ඉඹගෙන ඉඹගෙන යන්න පුළුවන්.
  • ගමකට ගියාම හතර වටේම ඉන්න පාක්සකයෝ එකතු කරලා හරියට තමන් බලන්නම ආපු අය වගේ පෙන්නලා, පොඩි වුන් වඩාගන්න, ආච්චිලා ඉඹින්න, ගෑනුන්ට වදින්න පුළුවන්.
  • අඩි දහයක පාරක් හැදුවත් ටීවී එකේ පෙන්නලා, කෝටි ගානක උත්සවයක් තියලා මහජන අයිතියට පත් කරන්න පුළුවන්
  • ඕනෙනම් ආරක්ෂක ලේකම් දාලා තගක් දාලා, මම තමා පොර කියලා පෙන්වන්න පුළුවන්, පෙන්වන්න විතරක් නෙවෙයි, කරන්නනත් පුළුවන්
  • බැසිල් දාලා අඩුගානේ චීනයට හෝ අප්‍රිකානු රටකට ගිහිල්ලා අම්බානක ආධාර නැත්නම් ආයෝජන ගෙනාවා වගේ පෙන්වන්න පුළුවන්. (මේ අප්‍රිකානු රටවල් අපේ ආයෝජනය කරනවා තියා තමන්ගේ රටේ සිල්ලර කඩයක්වත් ඇර ගන්න බැරි ආර්ථික තියෙන අය කියලා අපේ අප්පුහාමිලා දන්නේ නැහැනේ)
  • සින්දු ගහලා, ඉස්කෝල ලමයි, ආචාර්්‍ය මහාචාර්ය වරු, රජයේ සේවකයෝ, නැත්නම් ආබාධිත රණ විරුවෝ පුටුවෙන් නැගිට්ටවලා වන්දනා ගෙන මම තමයි මහ රජා කියලා ටීවී එකේ පෙන්වන්න පුළුවන්.
  • ලංකාවේ රාජ්‍ය සේවයේ සැබෑ කැපැසිටි එක ලක්ෂ හය හමාරක් විතර වුනාට ලක්ෂ 12 වෙනකම් රස්සා දීලා ඉස්සරහට තවත් දෙනවා කියන්නත් පුළුවන්.
  • රටේ සැබෑ ආදායම් උපද්දවන කණ්ඩායම් වන කුඩා කර්මාන්ත, පෞද්ගලික වයාපාර, ගෘහ සේවිකා ඇතුළු විදේශ රැකියා වැනි දේ අමතක කරලා, ජීවිතේට සතයක ලාබයක් නොලබන රජයේ ආයතන වල පඩි වැඩි කරන්න පුළුවන්
මේ ටික මහින්ද මහත්තයාට එයාගේ ගෝලයෝ දාලා හෝ එතුමාට තනියම කරන්න පුළුවන්. ඉතින් අපේ බුද්දිමත් ජනතාව මේව කියලා අන්දවලා ඡන්ද කඩා ගන්නත් පුළුවන්. මහින්ද මහත්තයා පරද්දන්න නම් විනයන් සහිතව, ඇත්ත කියලා, සැලසුම් පෙන්නලා වැඩක් වෙන්නේ නැහැ. මෙයා වගේම පම්පෝරි පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.

මම දන්න විදිහට විපක්ෂයේ කිසිම තනි පක්ෂයක මේ හැකියාව නැහැ. මේ සියලු හැකියාවන් එකතු කරන්න නම් විපක්ෂයේ සියලු පක්ෂ එකතු වෙන්න ඕනේ. එතකොට විතරයි මේ ඡන්දේ දිනන්න පුළුවන්. මේ හැමෝගෙම සපෝර්ට් එක තියෙනවානම් පොදු අපේක්ෂකයා වෙන්න සුදුසුම රනිල් තමා. ඒ ඇයි කියලා තවත් ලිපියක කියන්නම්.