මගේ දේශපාලනය



මට පක්ෂයක් නැහැ. පුද්ගල වන්දනාවක් නැහැ. මගේ දේශපාලන කියවීම වෙනස් එකක්.

ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත්, එක්සත් ජාතික පක්ෂයවත්, වෙනත් පක්ෂයක්වත් නෙවෙයි. ඒක මහින්ද රාජපක්ෂවත්, රනිල් වික්‍රමසිංහ වත්, මෛත්‍රිපාල සිරිසේනවත් නෙවෙයි.

රජ අණ පැවති කාලයේ, වැඩවසම් යුගයට අනුව රජතුමා සියල්ලටම ඉහලින්. රජුට උඹව මරන්නට උවමනා නම් හේතු අවශ්‍ය නැහැ. උඹේ බිරිද, දරුවා අඹු ගමට ගන්නට අවශ්‍ය නම් උඹව එල්ලා දමා රජා සිය කාරිය ගනී. උඹ අඩු කුලයක නම් ජීවිතාන්තය දක්වාත් ඉන් පසුව උඹේ දරුවනුත් එකම රැකියාව කර රජුට සේවා සැපයිය යුතුයි. වෙනත් රැකියාවක් කිරීමට හෝ ජීවන තත්වයෙන් උසස් වීමට නොහැකියි. සිහි බුද්ධිය ඇති කිසිම කෙනෙක් වැඩවසම් යුගයකට කැමති වන්නේ නැහැ. නැවතත් වැඩ වසම යුගයකට යන්නට ආවඩන්නේත් නැහැ.

මම මානව හිතවාදියෙක්. මට අනුව ලෝකයේ ජීවත් වෙන හැම මනුෂ්‍යෙයක්ම අයිති මනුෂ්‍ය ජාතියට. මනුෂ්‍ය ජාතියට එරෙහිව දූෂණ්‍ය, භීෂණ්‍ය සහ අයුක්තිය වපුරන ඕනෑම කෙනෙක් මගේ හතුරෙක්. මිනිසුන් පාගා දමා ඔවුන්ගේ සාරය උරා බී තමන්ගේ පැවැත්ම තර කර ගන්නා ඕනැම කෙනෙක් මගේ හතුරෙක්. මම එරෙහි වන්නේ එවැනි අයෙකුට මිසක් මහින්දටවත්, මෛත්‍රිටවත්, රනිල්ටවත් නෙවෙයි.

සිහිබුද්ධියෙන් කියවා බලාන්න, සිතන්න තීරණය ඔබට බාරයි!