මහින්ද ජනාධිපතිතුමා කාලයක් තිස්සේ පක්ෂයේ ප්‍රභලයන් සහ පක්ෂය වෙනුවෙන් අවුරුදු ගණනාවක් දුක් විඳි නායකයන් අමතක කර තමන්ට වඩාත් හිතවත් යයි සැලකපු සල්ලි වැඩියෙන් තියෙන එහෙමත් නැත්නම් එතුමාට අභියෝගයක් නොවේ යයි විශ්වාස කරපු අයව ලං කර ගත්තා. පිටට නොපෙන්නුවත් පහුගිය අවුරුදු දෙක තුනක සිටම මේ පීඩනය පක්ෂ අභ්‍යන්තරයේ තිබුණා.
මොන ප්‍රශ්න තිබුණත් මෛත්‍රිපාල, බර්ටි, රත්නසිරි, ජනක බන්ඩාර වගේ අය කියන්නේ මැතිවරණයකදී යෝධයෝ. මහින්ද ජනාධිපතිතුමාට වුනේ බලය නිසා අනෙකුත් දේවල් අමතන වීම. තමන්ට බැසිල් හරහා ලැබී ඇති අසීමිත සිවිල් බලයත් ගොඨාභය නිසා ලැබී ඇති අසීමිත මිලිටරි බලයත් නිසා එතුමා කල්පනා කලා පක්ෂයේ ප්‍රභලයෝ නෙවෙයි කවුරු විනත් තමන් කියන විදිහට දෙන දෙයක් අරගෙන පැත්තකට වෙලා ඉන්න පුරුදුවෙයි කියලා. ලොභ නැතුව වියදම් කරා ඇමති මණ්ඩලයට. මොකටද කිසිවක් නොකර කට වහලා තියන්න. සියයට අසූවක් විතර අමාත්‍යාංශ වල වැඩ සිද්ධ වුනේ ඇමතිවරයාට පිටින්. මහින්ද හිතුවා තමන්ගේ බලය නිසාත්, ඇති වෙන්න දෙන නිසාත් මේ අය හැමදාම කට වහගෙන ඉඳී කියලා.
මේ අයත් අවුරුදු ගණනාවක් සද්ද නැතුව හිටියා අවස්ථාවක් එනකම්. මහින්ද හිතුවේ මේක නිවට කම කියලා. ඒත් නිසි අවස්ථාව ඇවිල්ලා පක්ෂයේ ප්‍රභල කොටසක් යන්න ගියාම තේරුම් යන්න ඇති. ඒත් මම හිතන්නේ දැන් ඩැමේජ් එක වහන්න පරක්කු වැඩියි. මෛත්‍රිපාල අරගත්තු නිර්භය තීරණයත් එක්ක කලකීරිමෙන් සිටි තවත් බොහෝ දෙනෙකුට හිතන්න යමක් ඉතුරු කලා.
තවමත් මහින්ද බොහෝ ඉදිරියෙන් සිටියත් මාසයක් කාලයක් හොඳටම ඇති ලංකාවේ දේශපාලන ඔළු වෙනස් කරන්න. ඒ නිසා මහින්දගේ අධිතක්සේරුවේ තරම දැනගන්න පුළුවන් වෙන්නේ ජනවාරි අට වෙනිදායින් පස්සේ තමයි.

